maldives-election

සැප්තැම්බර් 9 වැනි දින පැවැති මාලදිවයින් ජනාධිපතිවරණය පළමු වටයේදී ජයග්‍රහණය කිරීමට සියයට 50ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවීම හේතුවෙන් තීරණයක් නැතිව අවසන් කර ඇත. නැවත වරක් ජනපතිවරණය පවත්වන්නට නියමිතය.
මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් සහ ප්‍රධාන විපක්ෂය වන මාලදිවයිනේ ප්‍රගතිශීලී පක්ෂයේ අපේක්ෂක මොහොමඩ් මුයිසු යන දෙදෙනාම පළමු වටයේ දී ජයග්‍රහණය කරන බවට විශ්වාසයෙන් සිටි අතර, ඔවුන්ගේ ප්‍රචාරක කටයුතුවලදී ද බොහෝ දේ ප්‍රකාශ කළහ. කෙසේ වෙතත්, ඡන්දදායකයින්ට විවිධ සැලසුම් තිබුණි.



ඡන්ද ගණන් කිරීම අවසානයේ,  මුයිසු ඡන්ද 101,635 (සියයට 46.06) ලබා ගනිමින් පළමු ස්ථානයට පත් වූ අතර, ජනාධිපති 'ඉබු' සෝලි ගත්තේ ඡන්ද 86,161 (සියයට 39.05) පමණි. තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ මොහොමඩ් නෂීඩ්ගේ පක්ෂපාතී අපේක්ෂක ඉල්යාස් ලබීබ් ඡන්ද 15,839 (සියයට 7.18) ය.
මාලදිවයිනේ දිවයිනේ දූපත් 188ක් පුරා සහ  විහිදී ඇති මුළු ඡන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ 3 කට ආසන්නය  (282,395කි).

දෙවන වටයේදී තරඟ වදින්නේ පළමු හා දෙවන ස්ථාන වල සිටින අපේක්ෂකයින් පමණි.