
පසුගිය වසරේ "Miss Queen of the World රූ රැජින" ලෙස කිරුළු පැළඳි ක්‍රිෂාංගී ගෞරි අඟහරුවාදා (19) රාත්‍රියේ දිවයිනට පැමිණියාය.
සැප්තැම්බර් 22 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත Miss Queen of the World 2023ලෝක රූ රැජින-ශ්‍රී ලංකා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක් ලෙස ඇය සහභාගි වීමට නියමිතය. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ උපත ලද ඇය UMass Amherst සරසවියෙන් ආර්ථික විද්‍යාව සහ සන්නිවේදනය පිලිබඳ උපාධිය හදාරා ඇත.
දිල්ලි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි අවස්ථාවෙහි ගුවන් තොටුපළේදී පිළිගැනීමේ අවස්තාවක් සංවිධානය කර තිබුණි
මෙම තරඟාවලියේදී තෝරාගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එක්සත් ජනපදයේ පැවැත්වෙන Queen of the World-2024 තරඟාවලියට සහභාගී වනු ඇත.
මෙකී තරඟයේ අවසන් මහා තරඟයේදී ශූරතාව දිනාගත් පළමු ඉන්දියානුවා ගෞරී මෙනවියයි.



Comments
Post a Comment
Your comment will be visible after approval