kurunegala-incident

සැමියාගේ ජංගම දුරකථනයෙන් ඔහු නොදැනුවත්වම වීඩියෝ තාක්ෂණය ඔස්සේ බිරියගේ ජංගම දුරකථනය හා සම්බන්ධවීමෙන් වූ ජංජාලයක් පිළිබඳව පුවතක් කුරුණෑගල හා මාතලේ අතර මායිමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.



ඔහු රාජ්‍ය සේවයේ නියැලෙන්නේ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේය. ඇය හා දරුවන් වෙසෙන්නේ කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික්ක මායිමේ මඩහපොල කඳු  සීමාවේය. සැමියා මාසයකට වරක් නිවාඩු ලබා නිවසට පැමිණෙන්නේය.එහෙත් දිනපතා නවීන තාක්ෂණය ඔස්සේ වීඩියෝ කොල් මගින් මුහුණු බලාගෙන සංවාදයේ යෙදෙන්නේ දරු පැටවුන්ද ඒ සඳහා සහභාගි කරවා ගනිමිනි. දිනක් සැමියා නිවසට පැමිණ යළි එහි සේවය සඳහා යාමට නිවසින් පිටත් වූයේය.

ඔහු යන ගමනේදී පවා වරින් වර මගතොටේ තොරතුරු බිරියට පැවසීය. දහවල් කාලයේ බිරිය නිදා සිටින විට ඇයගේ ජංගම දුරකථනය නාද වන්නට විය. ඇය එය පරීක්ෂා කිරීමේ දී තම සැමියා බව වැටහුණි. ඇය එය ක්‍රියාත්ක කළාය. එහෙත් සැමියාගෙන් වචනයක්වත් නැත. එහෙත් සිදුවන දේ ඇයට හොඳාකාරවම ඇසෙන්නේය පෙනෙන්නේය. ඔහු නැවතී ඇත්තේ හෝටල් කාමරයකය. තවත් කතක් ඒ අසල සිටී. දෙදෙනාගේ මුකුළුව දෙස ඇය බලාගෙන සිටියාය. ඇයට යක්ෂයා ආරූඪ විය. ඇය සංවාදය විසන්ධි කළාය.



ඇය යළි ඔහුගේ දුරකථනයට ඇමතුමක් දුන්නාය.

තමා මහනුවර යන බව ඔහු කීවේය. “මහනුවර යනවා නෙමෙයි හෝටලයේ කරන නාඩගම මම දැක්කා "යි ඇය කියාගෙන ගියාය. සිදු වුදේ වටහා ගත නොහැකි වූ ඔහු එදා සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධතා පවත්වන්නේත් නැතිලු. ඇඳුමක් ඇඳගෙන බිරියගේ හා දරුවන්ගේ මුහුණු බලන්නට ගෙදරට එන්නට නොහැකිව එම ස්ථානයේම රැඳී පසුතැවෙමින් සිටින බැවින් ඔහු කැඳවාගෙන ඒමට ගම්වාසීන් පෙළගැසෙන නමුත් බිරියගෙන් ඒ සඳහා අවසරයක් නැතිලු.

සිසිර කැලේගම