wadduwa-accident

අද (30) උදෑසන 11ට පමණ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ.


අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ දෙදෙනෙකු ගමන්කර ඇති අතර,  දුම්රියේ ගැටීමෙන් පසු වෑන් රථයේ සිටි එක් පුද්ගලයෙක් නිරුපද්‍රිතව ඉන් පිටතට පැමිණි නමුත් අනෙක් කාන්තාව වෑන් රථයේ සිරවී සිටි බැවින් මුදාගැනීම සඳහා අවට සිටියවුන් උත්සාහ කර තිබුණි. පසුව තුවාල සහිතව රෝහල් ගත කර ඇත.
මෙම වෑන් රථයේ ගමන් කර තිබුනේ විවාහක යුවළකි.දෙන්නාටම සුළු තුවාල සහිතව බේරාගන්නට හැකි විය.
කළුතර සිට මරදාන දක්වා ධාවනය වූ 344 දරණ මන්දගාමී දුම්රියේ වෑන් රථය ගැටී ඇත.
අනතුර  හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.