
පසුගියදා කෝප් කමිටුවේදී ද සාකච්ඡාවටද ලක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය මූල්‍යාධිකාරිවරයාගේ සහ ව්‍යාපෘති කළමනාකාරවරයාගේ මූල්‍ය අක්‍රමිකතා නිසා ඔවුනගේ සේවය විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින් තාවකාලිකව අත්හිටුවා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරනය කර ඇතැයි වාර්තාවේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්වරියක ලෙස සේවය කරමින් සිටිය දී හදිසියේ මියගිය තම බිරිඳ ගේ රුපියල් මිලියන 07 ක් පමණ වන අර්ථ සාධක අරමුදල්, හිඟ වැටුප් හා දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය මූල්‍යාධිකාරිවරයාට චෝදනා එල්ල වන අතර සරසවියේ අරුණාචලම් ශාලාවේ ඉදිකිරීමකට අදාළව වැරදි මිල ගණන් ඉදිරිපත් කරමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට ව්‍යාපෘති කළමනාකාරවරයාට චෝදනා එල්ල වී තිබෙයි.
විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය නියෝජනය කරන මෙම සේවකයින් දෙදෙනාට එල්ල වන චෝදනා ගැන පරීක්ෂණ ක්‍රියාත්මකය.
Comments
Post a Comment
Your comment will be visible after approval