fifa-sri-lanka-ban-lifted

 පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන්නට පාපන්දු ක්‍රීඩා කරන රටවල සංගම් 197 ක් එක්වී ගත් පියවර කොන්දේසි සහිතව ඉවත් කර තිබේ.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පහත කොන්දේසි ඉදිරිපත් කර ඇති අතර


අලුතින් සම්මත කරන ලද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රීඩා නීතියෙන් නිල සහ ලිඛිත අවසරය ලබා දීම ඉන් එකකි.
නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගන්නා තෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දෛනික කටයුතු පරිපාලනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සතු විය යුතු අතර
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව විධායක කමිටුව තෝරාගැනීම සඳහා පවත්වන මැතිවරණය නව පාපන්දු ව්‍යවස්ථාවට අනුව කටයුතු සිදුකිරීම. එහිදී විශේෂයෙන් රහස් ඡන්දයක් පැවැත්වීම හා තේරී පත්වන නිලධාරී කමිටුව වසර හතරක ධූර කාලයකට යටත් වීම අනිවාර්ය කර ඇත.
පසුගිය මාර්තු මාසයේදී පැනවූ තහනම නිසා ශ්‍රී ලංකාව FIFA මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවද අත්හිටුවන ලදී.
ලෝක පාපන්දු පාලක මණ්ඩලයේ (FIFA) ඉහළම පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000 ක් කිගාලි හි දී රැස්වී පැවැත්වූ 73 වැනි FIFA සම්මේලනයේදී  FIFA හි උත්තරීතර ව්‍යවස්ථාදායක ආයතනය වන FIFA කොන්ග්‍රසය,සංගම් 211 න්, 197 ක් FIFA මැතිවරණවලදී ශ්‍රී ලංකාවට ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීමේ යෝජනාවට ඡන්දය දී තිබුණි.
ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ ෆිෆා පාපන්දුද අත්හිටුවීමේ යෝජනා ඒ අවස්ථාවේ සම්මත විය.
2022 ජනවාරි මාසයේදී FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයේදී (FFSL) දේශපාලන මැදිහත්වීමක් සම්බන්ධ හෙළිදරව් වීම නිසා සූරිච් හි ප්‍රමිතීන්ට අනුව අත්හිටුවීමට තීරණය කර තිබුණි.



2022.01.14  පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහය හිටපු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා වෙත ලබාදී තිබුණ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු සභාපති ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමිකර තිබුණි.
මෙසේ අවසන් මොහොතේදී කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව රොෂාන් රණසිංහ නිලවරණ කමිටුවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හරහා මෙසේ බලපෑම් කර ජස්වර් උමාර් නිලවරණයෙන් ඉවත් කොට තිබීම මෙම බලපෑමයි.
ඉන්අනතුරුව ජේ.ශ්‍රී රංගා ජයග්‍රහණය කරවීමට ප්‍රචාරක කටයුතු එලිපිටම සිදු කරන්නටද ඇමතිවරයා කටයුතු කර තිබුණි.
තරඟයෙන් ඉවත්කළ හිටපු සභාපති ජස්වර් උමාර්  තමාට එරෙහිව අමාත්‍යවරයා සහ පාපන්දු මාෆියාව විසින් සිදුකළ පලිගැනීමට එරෙහිව අධිකරණයට ගිය අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයටද පැමිණිලි කළේය. පසුව ෆිෆා නියෝජිතයින් ලංකාවට පැමිණ විභාගයක් පවත්වා දේශපාලන මැදිහත්වීමක් සිදුවූ බව අනාවරණය කරගන්නා ලදි.
ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව මෙම තහනම වැටිණි.