
දළුව ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි පිරිමි දරුවෙකු විදුලිය සැර වැදී ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති බව පුත්තලම මූලික රෝහල කියයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ මාම්පූරියේ දළුව පදිංචිව සිටි නහන්දිලගේ අදීස විදුසර ප්‍රනාන්දු (අවු:13) නම් පිරිමි දරුවෙකි.
මෙම දරුවා දළුව එළවළු මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සමුකාර ග්‍රාමීය බැංකු ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට යවමින් සිටි සරුංගලය විදුලි රැහැනක පැටලී ඇත. විදුලි රැහැනේ පැටළුණු සරුංගලය බේරා ගැනීමට දරුවා උත්සාහ කරන අවස්ථාවේදී ඔහුට විදුලිය සැර වැදී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවාව බේරා ගෙන ප්‍රතිකාර සදහා ඊයේ (27) සවස රෝහල් ගත කර තිබේ.
රෝහල් ගත කර සිටින දරුවාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval