
හිටපු ජනාධිපති ලේකම්වරයකු මෙන්ම සිවිල් සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ කේ.එච්.ජේ. විජේදාස මහතා පසුගිය 17 වැනිදා අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 87 වන වියේ පසුවිය. රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිව සිටයදී 1983- 88 කාලයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු ජනාධිපති ලේකම් වශයෙන් 1989- 93 කාල සීමාවේ දී රාජකාරි කළේය. ඩී.බී. විජේතුංග මහතා ජනාධිපතිව සිටියදී ඔහුගේ ලේකම් වරයා ලෙස කටයුතු කළේද විජේදාස මහතායි.
අම්පාර, පොළොන්නරුව සහ කෑගල්ල දිසාපතිවරයා ලෙස කාලයක් කටයුතු කළ කේ.එච්.ජේ. විජේදාස මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මධ්‍යම පරිසර අධිකාරිය යනාදී ආයතන ගණනාවක ද මුල් පුටු හෙබවීය. විජේදාස මහතාගේ අවසන් කටයුතු ඔහුගේ ඉල්ලීම පරිදි පැය විසිහතරක් ඇතුළත සිදු කෙරුණු බව පවුලේ සාමාජිකයෝ පැවසූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval