
බෙල්ලන්විල රාජමහා විහාරයේ රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි කාන්තාවක් විදුලි සැර වැදී පෙරේදා (19දා) රාත්‍රියේ මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පවසයි.
දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ස්වර්ණ කුමාරි පිලිගම (61) නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
බෙල්ලන්තර හන්දියේ පෙරහර වෙනුවෙන් සකසා තිබූ විදුලි පහන් කණුවක් ස්පර්ශ කිරීම හේතුවෙන් විදුලි සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
විදුලි සැර වැදුණු වැදුණු කාන්තාව ඒ මොහොතේම ශාන්ත ජෝන් ගිලන් රථ සේවාව මගින් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval