kadira-divyaraja-film

දකුණු ඉන්දියානුවන්ගේද වැදුම් පිදුම් වලට හා පූජාවට පාත්‍ර වුනු කද සුරිඳුන් හෙවත් ශ්‍රී ස්කන්ධ දෙවියන්ගේ ශ්‍රී ලාංකික ආගමනය සහ කද කුමරු සහ වල්ලි අම්මාගේ ප්‍රේම වෘත්තාන්තය වටා ගෙතුනු, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ තිර රචනයකට ඔහු විසින්ම අධ්‍යක්ෂණය කෙරුණු “කදිර දිව්‍ය රාජ '' චිත්‍රපටය දමිල භාෂාවෙන් හඬ කවා දකුණු ඉන්දියානු වෙළදපලට ගෙන්වා ගැනීමට දකුණු ඉන්දියානු කොලිවූඩ් චිත්‍රපට බෙදා හරින සමාගමක් වෙතින් ආරාධනාවක් ලැබී තිබෙනවා.



අප කළ විමසුමකදී මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ රයිගම් සමුහ ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය රවී ලියනගේ මහතා පැවසුවේ එවන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබද සලකා බැලීමට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙන්ම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ ආචාර්ය රෝහණ වීරසිංහ සහ කැමරා අධ්‍යක්ෂණය කළ චන්න දේශප්‍රිය මහතා සමග සාකච්ජා කළ බවයි.

දෙමල භාෂාවට හඩ කැවීමක් කළ හොත් එහි නාමය කුමක් වේදැයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා
ගෙන් විමසු විට ඔහු පැවසුවේ බොහෝ විට චිත්‍රපටයේ නම '' තිරු මුරුගන් ' විය හැකි බවයි. යම් හෙයකින්
මෙම චිත්‍රපටය දමිල හඩ කැවීමක් කර දකුණු ඉන්දියාවේ තිරගත වුවහොත් එය ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක්
ජාත්‍යන්තර වෙළදපලට යන පළමු වන අවස්ථාවයි.

පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි, වරෙක විචිත්‍ර වූ මෙන්ම වරෙක සංවේදී වූ '' කදිර දිව්‍ය රාජ " චිත්‍රපටය සියලුම අදායම් වාර්තා බිද දමමින් මේ දිනවල අතිසාර්ථකව ශ්‍රී ලංකාවේ සිනමාහල් 75කට අධික සංඛවක තිරගත වේ.