dehiwala-sequrity

දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ  54 හැවිරිදි වියේ පසුවූ උපුල් සෙනරත් මහතා අනපේක්ෂිත අනතුරක් හේතුවෙන් 15 අඟහරුවාදා සවස මියගොස් තිබේ.


සත්තු වත්ත අසල පිහිටි සත්ව රෝහල අසලදී අද පස්වරුවේ 2.40ට පමණ කැබෝවේනා වර්ගයේ විශාල ගසක් මුලින් උදුරා වැටී ඇති අතර දැවැන්ත ගස සගම විදුලි කණුවක්ද  කඩා වැටී තිබේ.


 සිදුවීම වන අවස්ථාවේ සිය දිවා ආහාරය රැගෙන ඒමට  යමින් සිටි එම ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ සිරුර මතට මෙම විදුලි කණුව කඩාවැටී ඇති අතර , අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව තොරතුරු වාර්තා වේ.
 දිවා ආහාර පාර්සලය රැගෙන ගමන් කරමින් සිටි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ගේ හිසට කණුව පතිත විමෙන් බරපතල තුවාල සිදුව ඇතැයි ද ඒ නිසා ජීවිතය බේරාගන්නට නොහැකිවූ බවද කළුබෝවිල රෝහල් ආරංචි පැවසීය.
රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අද පස්වරු 5.30 ට පමණ ඔහු මිය ගිය බව දෙහිවල පොලීසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ පනස් හතර හැවිරිදි 936/ඒ,ඉගුරුපත්විල, බද්දේගම, ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් සෙනරත් මාරකන්ද මහතාය.
මෘත දේහය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.