magalkande-sudantha

විවිධ දේශපාලන සංවාද නිසා ප්‍රකටව සිටින සිංහල රාවයේ මහ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමි මේ වනවිට ජපානයේ යජිමාතා හි පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි අන්තර්ජාලයේ ඇතැම් තොරතුරු වාර්තා කර තිබේ.
හිමි නම සමරිසි ඇසුරක් පවත්වන්නට ගොස් හසුවූ කතාවක් වීඩියෝ සාක්ෂි සමග ෆේස් බුක් ඔස්සේ පළව තිබේ.

මේ දිනවල සංචාරයකට ගොස් ජපානයේ  යජිමාතාහි පන්සලක රැඳී සිටියදී සමරිසි ඇසුරකට හිමි නම සවස් කාලයේ පුද්ගලයෙකු ගෙන්වාගෙන තිබෙන අතර  ගෙන්වාගත් පුද්ගලයා අදාල නවාතැන භාර තැනැත්තාගේ නැගණියගේ පුතු වීම නිසා පොලිසියට අල්ලාදෙන්නට හේතුවී ඇතැයිද කියැවේ.
වීඩියෝවේදී අසභ්‍ය වචන වලින් හිමිනමට එරෙහිව අදාළ පුද්ගලයා බැණ වදින අතර ජපානයේ වාසය කරන නිල පරිවර්තිකාවකද ඒ ආසන්නයේ සිටී. බැණවැදීම් අතර චෝදනා කරන්නේ ‘තම ඥාති පුතාට කලිසම ගලවන්නට කීවා‘ කියමිනි.
 හිමි නම මේ වනවිට පොලිසියට බාර දී ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කර තිබුණ නමුත් එය තහවුරු කිරීමක් කර නැත.
ජපානයට සමලිංගික ක්‍රියාකාරකම් වලට එරෙහිව නීති නොමැති අතර සමලිංගික පුද්ගලයින් සඳහා යම් නීතිමය ආරක්ෂාවක් ඇත. එකම ලිංගයේ වැඩිහිටියන් අතර සම්මුති ලිංගික ක්‍රියාකාරකම් නීත්‍යානුකූල වේ, නමුත් සමහර ප්‍රාන්තවල පමණක් සුළු වෙනස්කම් ඇත.
සමලිංගිකත්වයට එරෙහිව පැහැදිලි ආගමික තහනම්ද ජපානයේ නොමැත.
1882 සිටම ජපානයේ සමලිංගිකත්වය නීත්‍යානුකූල ය. ලිංගික ක්‍රියාකාරකම් කැමැත්ත මත පදනම්වේ. ලිංගභේදය සහ/හෝ ලිංගික දිශානතිය නොතකා වැඩිහිටියන්ට පුද්ගලිකව සබඳතා පැවැත්විය හැකිය.
2023 ජූනි මාසයේ සිට, කැමැත්තේ වයස අවුරුදු 16ක් ලෙස සකසා ඇත.

මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් රන්ජන් රාමනායකගේ ෆේස් බුක් පිටුවේ පළ කර තිබේ

ඊට අදාළ යොමුව https://www.facebook.com/real.rr/videos/1009907516834916/