kalutara-hospital-protest

වෘත්තියෙන් ගුරුවරියක වන නිමේෂා මධුවන්ති ගේ පියාට ඇතිවූ හෘද රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්නට යාමේදී නාගොඩ රෝහලේදී ඇතිවූ ගැටලුකාරී තත්වය සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම නිසා ඇයට ජීවිත තර්ජන එල්ලවූ පුවතක් පසුගියදා වාර්තා විය. පෝස්ටුව පළවූ පසුව ඇගේ නිවසට පොලිසියෙන් හත් දෙනෙකු පැමිණ ඇය බියවද්දා තිබුණි.
හැඩූ කඳුලින් යුතුව ඇය මාධ්‍ය ඉදිරියේ ඇගේ කතාව හෙළි කර සිටි අතර මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ පළවීම හේතුකොටගෙන කලුතර නාගොඩ රෝහලේ අකාර්යක්ෂමතාව සහ හෙදියන්ගේ ‘නපුරුකම‘ සම්බන්ධ සංවාදයක් බිහි විය.
මෙම සිද්ධිය වෙනුවෙන් දැන් එම හෙදියෝ පාරට බැස ඇතිඅතර ඊයේ (10) ඔවුන් පැවැත්වූ විරෝධතාවයක් ගැන තොරතුරු පළ විය.


ඒ සම්බන්ධයෙන් ඔවුන් අදහස් පළ කරමින් කියා සිටින්නේ ‘ඇන්ජියෝග්‍රෑම් ටීචගේ ෆේස්බුක් නාඩගම‘ ක් සිදුවූ බවයි.
 රෝහලේ අලුත් ඇන්ජියෝග්‍රෑම් ඒකකය 2021 ආරම්භ කර පහුගිය වසර දෙක තුල ප්‍රොසීඩියර් පන්දහසකට අධික ගනනක් සාර්ථකව සිදුකර ඇති බව පවසන ඔවුන් කාන්තාව ඉතාම ද්වේශසහගත ආකාරයෙන් සම්පුර්ණයෙන්ම විකෘති කරන ලද කරුණු සහිතව ෆේස්බුක් සටහනක් තබා ඇතැයි චෝදනා කර තිබේ.
ඒ නිසා අදාල ඒකකයෙන් පොලිස් පැමිණිල්ලක්  ඊට විරුද්ධව සිදු කර තිබූ බවත් ඇයගේ නිවස වටළන්නට පොලිසිය ගියේ ඒ අනුව බවත් පවසා තිබේ.
ඇන්ජියෝග්‍රෑම් CD දත්ත ඔබේ නිවසේ පරිගනකයෙන් බලන්නට බැරි අදාල සොෆ්ට්වෙයා එක .dcm වගේ ෆෝමැට් රීඩ් කරන එකක් වියයුතු නිසා බවත් එය ඇතැම් CD සඳහා ලබාදී නැති බවත් ඔවුන් දන්වා ඇත.


 සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය මැද්දට පැන , මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමග රෝගීයාව කොළඹ වෙනත් ස්ථානයකට යවා ගැටලුවට පිළිතුරු ලබාදී ඇති බවත් ෆේස් බුක් පෝස්ටුවකින් පොරොත්තු ලේඛනයේ ඉන්න අසාධ්‍ය රෝගීන් 3000+ පසුකරමින් තමන්ගේ රෝගියාට දිනයක් ලබාගෙන තිබීම අසාධාරණ බවත් ඔවුන් දන්වා ඇත.
 ඒකපාර්ශික අසත්‍ය ප්‍රකාශ වැරදි බවට පිළිගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් 17 වෙනි දින දක්වා කල් ලබාදී ඇති බවත් එසේ නැතිනම්  නීතිමය කටයුතු ආරම්භ කිරීමට  කටයුතු කරන බවත් කළුතර නාගොඩ රෝහලේ හදවත් රෝග ඒකකය දන්වා ඇත.
කෙසේ වෙතත් පොලිසිය ඇගේ නිවසට එන්නටත් පෙර අදාළ ප්‍රකාශය ඉවත්කරගෙන තිබූ බව සිද්ධියට මුහුණපෑ නිමේෂා මධුවන්ති පවසා තිබුණි.
 මේ ෆේස්බුක් ප්‍රකාශයට විරුද්ධව උද්ඝෝෂණයක් ඊයේ රෝහලේ පැවති අතර එහි ඡායාරූප පහත දැක්වේ
උද්ඝෝෂණය නිසා ටික වේලාවකට රොහල් කටයුතු අකර්මණ්‍ය වී තිබුණි.

සිද්ධියට අදාළ පෙර විස්තරය
‘නාගොඩ රෝහලේ රස්තියාදුව‘ ෆේස්බුක් දැම්මැයි නිමේෂා මිස්ට ආ පොලිස් තර්ජන