මෙක්සිකෝවේ 32 හැවිරිදි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කර ඇයගේ මොළය අනුභව කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙක්සිකෝවේ Puebla නගරයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, මාධ්‍ය  මෙම පුද්ගලයාව 'යක්ෂ වන්දනාකරුවෙකු' ලෙස හඳුන්වා තිබේ.

32 හැවිරිදි මෙම පුද්ගලයා තම බිරිඳගේ මොළය අනුභව කිරීමෙන් අනතුරුව ඇගේ හිස් කබල සිඟරැට් අළු දමන අළු බඳුනක් ලෙස භාවිතාකර තිබුනේය. ජාත්‍යන්තර ප්‍රකාශයන් වාර්තා කළේ සැමියා වන අල්වාරෝ සහ වින්දිත මාරියා මොන්ට්සෙරාට් විවාහ වී වසරකටත් අඩු කාලයක් වනබවයි. මෙම කාන්තාවට කලින් විවාහයෙන් දියණියන් පස් දෙනෙකු සිටි බව කියැවේ. ඉන් බාලයා වයස අවුරුදු 12 ක් වන අතර වැඩිමහල් දරුවා වයස අවුරුදු 23 කි.



විත්තිකරු සිරුර කැබලි කර ප්ලාස්ටික් බෑග්වලට පුරවා ඇත. පසුව සිරුරේ කොටස් කිහිපයක් මිටියාවතකට දමා ඉතිරි කොටස් නිවසේ තබාගෙන සිටි බව වාර්තා වේ. ඝාතනයෙන් දින දෙකකට පසු, අල්වාරෝ ඔහු කලදරුණු අපරාධය පාපොච්චාරණය කිරීම සඳහා ඔහුගේ සුළු දියණියක් සම්බන්ධ කර ගත් බව කියනු ලැබේ.

 "ඔහු ඇගේ එක් දියණියකට මව රැගෙන එන්නැයි කීවේය, 'මම ඇයව මරා දමා බෑග්වල දමාතිබෙනා කියා," තමාට පාපොච්චාරණය කල බව වින්දිතයාගේ මව වන මාරියා ඇලිසියා මොන්ටියෙල් සෙරන් මාධ්‍යයට පැවසුවාය.

අල්වාරෝ 'උදැල්ලකින් සහ මිටියකින්' සිරුර කපා දැමූ බව ද ඇය කියා සිටියාය. "මම ඔහුට හඬමින් කතා කර, ඇය නරක කෙනෙක් නොවේ.ඔහු ඇයට එසේ කළේ මන්දැයි ඇසුවෙමි." විත්තිකරු කොකේන් සහ වෙනත් තහනම් ද්‍රව්‍ය වැනි මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුව සිටි බව සේරාන් හෙළි කළේය. බාල දියණියන් දෙදෙනා මෙම යුවළ සමඟ ජීවත් වූ අතර, ඔවුන්ගේ මිත්තණිය පවසන පරිදි, ඔවුන් ද ඔවුන්ගේ සුළු පියාගෙන් හිංසනයට හා ලිංගික හිරිහැරවලට ලක්ව ඇත.

මේ අතර, පොලිසිය - විමර්ශනය අතරතුර - අපරාධ ස්ථානයෙන් කළු මැජික් පූජාසනයක් සහ අනෙකුත් භාණ්ඩ සොයා ගන්නා ලදී. Maria Montserrat ගේ භූමදානය තවමත් සිදු වී නොමැති අතර, ඇයගේ සමහර දේහ කොටස් තවමත් පොලිසිය විසින් සොයමින් සිටින්නේය.