
දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත් බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.මෙලෙස මිය ගොස් ඇත්තේ ඩී.ජී. දිල්මි සඳුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියකි.
මැය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේ වනතුරු දරුපල නොමැතිවීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක් විසින් පවත්වාගෙන යන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් පමණ පානය කර ඇත.
ඇය මෙම ඖෂධය ලබා දී ඇත්තේ විරේකයක් ලෙසිනි. පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 10 වන දින ජයන්තිපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි. සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
චාපා මධුභාෂිණී
Comments
Post a Comment
Your comment will be visible after approval