walapane-incident

වලපනේ ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකාගෙන පලාගිය කාන්තාවන්  දෙදෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට වලපනේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම කොල්ල කල්ලියට සම්බන්ධ බවට පැවසෙන අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකාගෙන ගිය වෑන් රථයද වලපනේ පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.



අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ ප්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි අයෙකි. කුලී ගමනක් යෑමට කියා කාන්තාවන් දෙදෙනකු රියැදුරුට කතාකර වෑන් රථයේ නැග යමින් සිටියදී වලපනේ ප්‍රදේශයේදී පුද්ගලයන් පස් දෙකු පැමිණ වෑන් රථය නතර කරවාගෙන රියැදුරාට මරණ තර්ජන කර කාන්තාවන් දෙදෙනා ද සමග එක්ව වෑන් රථය පැහැරගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. වලපනේ පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය