
පොසොන් පොහෝ දින මත්පැන් දන්සලක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ටික්ටොක් ඔස්සේ පළකළ තරුණයන් 06 දෙනෙකුව අද (14) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, මත්පැන් සහ මධ්‍යසාර ප්‍රචාරණය කිරීමේ චෝදනාව යටතේය.
එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමග පොලිස්පතිවරයා ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත භාරදී තිබුණි.
ඒ අනුව කටුනායක පදිංචි වයස 20ත් 25ත් අතර පසුවන තරුණයන් 06 දෙනෙකු අද දිනයේදී එම කොට්ඨාසය වෙත කැඳවා අදාළ සිද්ධිය පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන්කරගත් බව පොලීසිය සඳහන් කළේය.
එහිදී ඔවුන් පවසා ඇත්තේ, තමන්ගේ ඥාතියෙකු විසින් රැගෙන පැමිණි විදෙස් මත්පැන් බෝතල්වලට තේ වතුර දමා ටික්ටොක් ඔස්සේ ප්‍රචාරය කිරීමට වීඩියෝවක් සැකසීම සඳහා අදාළ ක්‍රියාව සිදුකළ බවය.
කෙසේ වෙතත් දුම්කොළ සහ මධ්‍යසාර පනත යටතේ මත්පැන් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සැකකරුන් 06 දෙනාව අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් ඔවුන්ව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval