
මාතර – ඌරුබොක්ක, දොළමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 29 හැවිරිදි තරුණියක ඝාතනය වී තිබේ. ඇය පාසල් ගුරුවරියක ලෙස මුලින් වැරදි වාර්තා පළවී ඇති නමුත් පොලිසිය පවසන්නේ ඝාතනය වූ අය දම්පහල මහා විද්‍යාලයේ අනධ්‍යයන කාර්යාල සේවිකාවක බවයි.
පාසල් කටයුතු නිමවී සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී අද(14) පස්වරුවේ
දොලමුල්ල ප්‍රදේශයේදී මෙම කාන්තාවට තියුණු ආයුධයකින් පහරදී ඇති බවට ඌරුබොක්ක පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි. තුවාලකාරිය හීගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට වෛද්‍යවරයා විසින් සනාථ කර ඇත.
මියගිය කාන්තාව වයස අවුරුදු 29 ක් වූ පොල්පැලදෙණිය, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය කොට්ඨාසය වෙත ලැබුණු තොරතුරු අනුව මියගියේ ගුරුවරියක් ලෙස මාධ්‍ය වෙත තොරතුරු ලබා දුන්නද ඇය අනධ්‍යන කාර්යාල සහායකවරියක් වශයෙන් සේවය කරන බවට පසුව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
පාසැල් නිමවී නිවස බලා යමින් සිටියදී මෙම ඝාතනය සිදුවී ඇති අතර, ඇගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇත.
සැකකරු ඝාතනය සිදුකර සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කිරීමේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 32 ක් වන ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සැකකරු හෙට 15 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඌරුබොක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
