sweden-championship-adult-fake-news

පසුගිය දින කිහිපය තුළ සිට ඉන්දියානු හා මෙරට මාධ්‍ය කිහිපයක වාර්තාකර තිබුනේ, ලෝකයේ පළමු වරට 'ලිංගික ක්‍රියාකාරකම්' යන්න ක්‍රීඩාවක් ලෙස ස්වීඩනය නම් කර ඇති බවත් ලබන ජුනි 08 වනදා සිට ඒ් සම්බන්ධ තරගාවලියක් ආරම්භ වන බවත්ය.
මෙම පුවත ව්‍යාජ ලෙස පතුරුවා හැර තිබුණ එකක්  බවට දැන් හෙළිව ඇත. එහි සත්‍ය කාරණාව නම් 'ලිංගික ශූරතාවලිය' ක් පවත්වන්නට  ස්වීඩන් ලිංගික සම්මේලනයේ සභාපති ඩ්‍රැගන් බ්‍රැක්ටික් නමැත්තෙකු උත්සාහ කර ඇති බව පමණකි. ඔහුගේ උත්සාහය ව්‍යවර්ථවී ඇත්තේ ස්වීඩන රජය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති නිසාය.
ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනය තුළ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ සංකල්පය ප්‍රතිසංස්කරණය කිරීමට පියවරක් ගනිමින් ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව මුල් වාර්තා වල පළ විය.


 
2023 අප්‍රේල් 26 වැනි දින ස්වීඩන් පුවත්පතක් වන Goteborgs-Posten වාර්තා කළේ ජාතික ක්‍රීඩා සම්මේලනයේ මෙම වෙනස ඇති කිරීමට ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බවයි.
වාර්තාවට අනුව, ඩ්‍රැගන් බ්‍රැක්ටික්, ස්වීඩන් ලිංගික සම්මේලනය පිටුපස සිටින පුද්ගලයාය. ඔහු තීරුලිපි කිහිපයක් පවත්වාගෙන යන අතර ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස වර්ග කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ තීරු ලිපි හා ට්විටර් මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණි. කෙසේ වෙතත්, ජාතික ක්‍රීඩා සම්මේලනය එම අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු සඳහනක් කරේ නැත.

ස්වීඩනය ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස වර්ගීකරණය කර ඇති බවත් ළඟදීම ලිංගික ශූරතාවලියක් පැවැත්වීමට නියමිත බවත් ප්‍රකාශ කරන බොහෝ වාර්තා මෙකී මුල් ට්වීට් මූලාශ්‍ර පමණක් උපුටා දක්වා ඇත. ස්වීඩනයේ ලිංගික ශූරතා තහවුරු කරන ජාත්‍යන්තර වාර්තා කිසිවක් නොමැති වීමත් සමඟ එම වාර්තා සාවද්‍ය බව පෙනේ.

ස්වීඩන් ලිංගික තරඟාවලිය සමාජ මාධ්‍ය අවුලුවන්නට සමත්වූ පුවතක් විය. විශේසයෙන් ඉන්දීය මාධ්‍ය මේ ගැන වැඩි වර්ණනා සහිතව විස්තර පළකර තිබුණි.
එය සැබෑවක් වූයේ නම්, එය ජූනි 8 වනදා සිට ආරම්භ වී සති කිහිපයක් පුරාවට පැවැත්වෙන අතර එහිදී සහභාගිවන්නන් දිනපතා පැය 6ක් තරඟ වදිනු ඇත. ව්‍යාජ තරඟාවලිය සඳහා නීති මාලාවක්ද සකස් කර ප්‍රසිද්ධ කරඇත.


මුඛ සංසර්ගය, වසඟයට ගැනීම, ශරීර සම්බාහනය, ඉරියව්වල නිර්මාණශීලිත්වය, විනිවිද යාම, සුරාන්තය, පෙනුම, ඉරියව් වෙනස්වීම්, කාමුක කලාප ගවේෂණය කිරීම සහ විඳදරාගැනීම ඇතුළු විෂයයන් 16 කින් මෙම තරඟාවලිය සමන්විත බවත් තරග ඉසව් නරඹන්නට බාහිර අයට ඉඩ සලසන බවත් ව්‍යාජ වාර්තා වල දක්වා තිබුණි.

මෙම ව්‍යාජ පුවත සමාජ මාධ්‍ය තුළ විනෝදය මතු කරමින් හුවමාරුවූ අතර ඇතැම් ඉන්දීය මෙන්ම ලාංකික වෙබ් අඩවිද එය සත්‍යයක් ලෙස වරදවා වාර්තා කර තිබුණි.