bambalapitiya-air-force-solder-death

අද (4) දහවල් කාලයේ බම්බලපිටිය ෆොන්සේකා පෙදෙස දී ගුවන් හමුදා සෙබළෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.


මියගොස් ඇත්තේ  වයස අවුරුදු 38ක් වන ත්‍රිකුණාමලය අබේපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සැරයන්වරයෙකි.
ඔහු තවත් ගුවන් හමුදා සෙබලුන් කිහිප දෙනෙකු සමග රාජකාරියෙහි නිරතව සිටියදී ෆොන්සේකා පෙදෙසේ ඉඩමක් තුල වූ පාළු නිවසක් අසලදී තම රාජකාරී ගිනි අවිය උපයෝගී කරගෙන මෙම සියදිවි හානි කර ගැනීම සිදුකරගෙන ඇත.

මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.