
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින ඉන්දීය රුපියල් කෝටි 1,717 ක් වූ අගුවානි-සුල්තාන්ගන්ජ් පාලමේ කොටසක් ජූනි 4 වෙනිදා ගංගා නදියේදී කඩා වැටුණි. පාලම කඩා වැටෙන මොහොත ප්‍රදේශවාසීන් විසින් වීඩියෝවට හසු කර ගන්නා ලදී.
සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
තොරතුරුවලට අනුව මීටර් 206 ක් දිග පාලමේ ඉරිතැලීම් ඇති වී තිබේ. කණුව අංක 2 සහ 3 අතර පාලමේ ඉදිරිපස කොටස කඩා වැටී ඇත.
විපක්ෂයේ භාරතීය ජනතා පක්ෂ නායකයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ ඇමති නිතිෂ් කුමාර්ට දොස් පවරමින් ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කළේය.
පසුගිය වසරේද මෙවැනිම පාලමක් කඩා වැටීමේ සිදුවීමක් සිදුවිය. Video Below
Comments
Post a Comment
Your comment will be visible after approval