softlogic-life-deep-fake-ai-ad

ජෝති, මිල්ටන්, ක්ලැරන්ස් හා සුනිල් එකම රූප රාමුවකට ගොනු කළ ‘ලෙඩ ලෙඩ ලෙඩ‘ නමැති අපූරු වීඩියෝ වෙළෙඳ දැන්වීමක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කථාබහක් ඇති කර තිබුණි. අප අතරින් සමුගත් සංගීත ලොවේ දැවැන්තයින් මේ ආකාරයට එකම තැනක කථාකරන්නට අවස්ථාවක් තිබුණාද? යන්න අදහන්නට අපහසු විමතිය මතුකරන කාරණාවකි.  Deepfake/AI තාක්ෂණයෙන් කෘත්‍රීම බුද්ධිය යොදාගෙන සැකසූ ප්‍රතිනිර්මාණයක් ලෙස මෙම වීඩියෝ දැන්වීම ශ්‍රී ලංකාවේ  එලෙස නිර්මාණය කළ ප්‍රථම දැන්වීම බවට පත්ව තිබේ. එය softlogic life ජීවිත රක්ෂණය සම්බන්ධ දැන්වීමකි.
දැන්වීම් ක්ෂෙත්‍රය උඩුයටිකරු කරමින් නව මානයකට රැගෙන යන්නට මෙම නිර්මාණය සමත්වූ අතරම එය රක්ෂණ ක්ෂෙත්‍රය ගැන කියැවෙන අනෙක් දැන්වීම් වලට වඩා වෙනස් අරුථක් මතු කරවීමද විශේෂිත විය.
මෙම දැන්වීමට යොදාගත් සංගීතවේදීන් ඇතැමුන් ලංකාවේ කිසිදු වීඩියෝ වෙළෙඳ දැන්වීමක පෙනී සිටි අය නොවේ. ඒ අය ගැන විශේෂ ගරුත්වයක් ආදරයක් බොහෝ සංගීතකාමීන් තුළ හැමදා ඉතිරිව තිබෙන නිසාම සුපුරුදු පරිදි මෙම දැන්වීම ප්‍රචාරය වූ මුල් අවස්ථාවේ සිට බොහෝ අය ඒ ගැන විමසා බැලුවේ වෙනත් ඇසකිනි. ඇතැමුන් එය විවේචනය කර තිබුනේ යමෙකු නොකී දෙයක් මේ ආකාරයට කීම වරදක් බවයි. සමහරු කිව්වේ අනවසරයෙන් ‘ලෙජන්ඩ්ලා‘ව මේ ආකාරයට යොදාගැනීම අවභාවිතයක් බවයි. නීතිමය ගැටලු මතුවිය හැකි බවටද සමහරු තර්ක කළා.



කෙසේ වෙතත් වාර්තාවන ආකාරයට මෙම දැන්වීම නිර්මාණය කරන්නට පෙර මේ සඳහා අවශ්‍ය පූර්ණ අනුමැතිය එම කලා ශිල්පීන්ගේ නිර්මාණ හිමිකරුවන් වෙතින් ලබාගෙන ඇති අතර ඔවුන්ට හිමි කර්තෘභාගද ගෙවා තිබෙන බව වාර්තා වුණා.කලා කරුවන්ට කිසිදු අහිතකර යමක් සිදුවී නැති බවට හා එය අපූරු නිර්මාණයක් බවට මෙයට ප්‍රතිනිර්මාණය වූ සිව්දෙනාගේ පවුල්වල අයද පැසසුම් කර තිබේ.
ඔවුන් 4 දෙනාව නැවත දැකගැනීම ලොකු සතුටක් වූවාසේම මොවුන්ව හැබැහින් දැක නැති අපේ රටේ තරුණ පරම්පරාවට මෙය අලුත් අත්දැකීමක් වුණා.

වර්තමාන සන්දර්භය තුළ ජීවිත රක්ෂණයක් තිබීමේ වැදගත්කම ගැන වැදගත් පණිවිඩයක් මහජනතාව වෙත ලබා දීමට  මෙම දැන්වීම සමත්වේ. උද්ධමනය සමඟ මතුව ඇති ජීවන වියදම් හැසිරවීමේ දුෂ්කරතාවයට ලබා දෙන මූල්‍ය සුරක්ෂිතභාවයක් ලෙස  පවුලකට ජීවිත රක්ෂණයක් තිබීමේ වැදගත් කම එයින් කියා දෙයි.
මෙම දැන්වීමේ වීඩියෝව පහතින්