
කෝවිලක දොර කඩා ඊට ඇතුළු වූ අයකු එහි දේව ප්‍රතිමාවන්ට පලඳවා තිබූ රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසක් වන රන් ආභරණ සහ පඬුරු පෙට්ටිය සොරාගෙන ගොස් ඇතැයි ලුණුගල පොලිසිය පවසයි.
ලුණුගල, ලුණුගලම පිහිටි ශ්‍රී කනිමාරි අම්මාන් කෝවිලේ කුරුක්කල්වරයා විසින් ලුණුගල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉහත රන් භාණ්ඩ පඬුරු පෙට්ටියට අමතරව එහි තිබූ වටිනා ඩීවීඩී යන්ත්‍රයක්ද සොරාගෙන ගොස් ඇති බවයි.
ඉකුත් (06) වැනිදා රාත්‍රි කාලයේ මෙම සොරකම සිදුකර ඇති අතර, ලුණුගල පොලිසිය මගින් ඒ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කෙරේ.
දීපා වසන්ති එදිරිසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval