sb-dissanayake-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේදී මෙසේ අදහස් දැක්වීය.

"අපේ රටේ කෘෂි නොවන කර්මාන්ත ව්‍යවසායකයන් ඉන්න මුළු ප්‍රමාණය දස ලක්ෂ දහ නමදාහක්. දහ නමදාහෙන් නව ලක්ෂ තිස් පන්දාහක්, මේ කියන පිරිස තමුන්නාන්සේලා කියන එක බැංකුවකටවත් යන්නෑ. මේ අය යනවා ලීසිං වලට. සණස බැංකු තියෙනවා. සණස බැංකු 10000කට වැඩි පිරිසකට ණය දෙනවා. මිනිස්සු යන්නෙ මේවට.

ඒ අනුව අපි කතා කරන ඔය සුළු, ක්ෂුද්‍ර කර්මාන්තකරුවෝ ඔය බැංකු වලට එන අය නෙමෙයි. මිනිස්සු මහජන බැංකුවට ලංකා බැංකුවට යන්නෑ. සමෘද්ධි බැංකුවට ගමේ තියෙන ඒවට යනවා.

පළවෙනිදේ අපේ රටේ අපි කර්මාන්ත ගැන කතා කරන කොට මධ්‍ය පරිමාණ කොච්චරද තියෙන්නේ.

ප්‍රශ්නේ 91% ක නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්නේ කොහොමද? මේ රටේ කර්මාන්ත අංශය විතරක් නෙමෙයි, කෘෂිකර්මාන්ත අංශය බැලුවත්, මේ රටේ කෘෂිකර්මාන්තය 1%ක් රටේ දළ දේශීය නිෂ්පාදනයට එකතු කරන්නේ ධීවර කර්මාන්තයෙන් විතරයි. මුළු ලංකාව පුරාම තේ වතු තියෙනවා. දශම 8යි රටේ දළ දේශීය නිෂ්පාදනයට එකතු කරන්නේ. මේ රටේ කෝපි තියෙනවා දශම 1ක් වත් නෑ. මේ රටේ සියළුම සුළු අපනයන බෝග දශම 4යි.

අණ්ඩුවට පහුගිය කාලේ ඔය කෝවිඩ් වසංගතය හැදිලා කරකියා ගන්න දෙයක් නැතිවෙනකොට අර සමෘද්ධි බැංකුවෙන් තමයි බිලියන 50ක් ණය දුන්නේ ආණ්ඩුවට."