sl-rupee-strong

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීම නිසා වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන මගින් නිකුත්කර ඇති ණය කාඩ්පත්වල පොලී අනුපාතය ද පහත යනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
ඉකුත් කාලයේ පොලී අනුපාතය ඉතා ඉහළ මට්ටමක තිබු අතර ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්) පොලියද සියයට 25සහ 30 තරම් ඉහළ අගයක් ගෙන තිබිණි. වාණිජ බැංකුවල අනෙකුත් පොලී අනුපාතද පහත වැටීම හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් පොලියද පහත වැටෙනු ඇත.



මේ අතර ආනයන සීමා පනවා ඇති භාණ්ඩවලින් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේ දී ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (02) ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පැවැති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩිවීම හේතුවෙන් රුපියල ශක්තිමත්වී ඇති බවත්, එය පදනම් කරගෙන මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුවන බවත් ඔහු කීවේය. දේශීය ආර්ථිකයට බලපෑමක් වන දේශීය වශයෙන් නිපදවන භාණ්ඩ වල ආනයන සීමා ඉවත්කිරීමේ අදහසක් නොමැති බවද අමාත්‍යවරයා පැවැසුවේය.
මහ බැංකුව අද නිකුත් කළ දත්ත අනුව ඩොලරයේ ගැණුම් මිල 287.42 හා විකිණුම් මිල 300.32 ලෙස දැක්වුණි.