Proposals-to-decentralize-banking-transport-electricity-petroleum-water-and-airLANKA-services

විදුලිය, ඛනිජතෙල්, ජලය, බැංකු, ප්‍රවාහන සහ ගුවන්සේවා ආයතන කඩිනමින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට ලක්කළ යුතු යැයි ශ්‍රීලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත.


මෙම ආයතන වලින් සැලකියයුතු ප්‍රමාණයක් මෙහෙයුම් අකාර්යක්ෂමතා, දුර්වල පරිපාලනය සහ අයථා කළමනාකරණය වගවීම හා විනිවිදභාවය නොමැතිවීම,

වෙළෙඳපොළට ගැළපෙන ලෙස හැඩ නොගැසීම, දේශපාලන මැදිහත්වීමෙන් ඉහළ තනතුරු පිරවීම දිගින් දිගටම සිදුවීම සහ අධික ශ්‍රමබලකාය ඇතුළු ගැටලු රැසකින් දැඩි පීඩාවට පත්ව ඇති බවද මහ බැංකුව සඳහන් කර ඇත.
මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇත්තේ  ශ්‍රී ලංකා මහබැංකු අලුත්ම වාර්ෂික වාර්තාවෙන්ය.
මෙම ආයතනවල දුර්වල මුල්‍ය කාර්ය සාධනය නිසා රාජ්‍ය බැංකු වලට සහ මෑතකාලීනව ඇතැම් පෞද්ගලික බැංකුවලට ඇතිකරන අහිතකර බලපෑමත් රජයට මූල්‍ය හානි සිදුවීමත් බරපතළ තත්ත්වයකැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික
වාර්තාවේ සඳහන්වේ. එවැනි අහිතකර තත්ත්වයන්ගෙන් ආයතන මුදාගැනීම සඳහා බැංකුවලින් ණය ලබාදීමද ඉහළ ගොස් ඇති අතර බැංකුවලින් රාජ්‍ය සංස්ථාවලට 2022 වසරේ ලබාදී ඇති ණය ප්‍රමාණ රුපියල් කෝටි 1,70,000 ක් වේ. ඉන් රුපියල් කෝටි 8000 ක පමණ ප්‍රාග්ධනයක් ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදී ඇත.