
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වීම සම්බන්ධයෙන්
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් පළ කර තිබේ.
“මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඩොලර් මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් අතර. දැනට මහ බැංකුව ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ නිසා තමයි ඩොලර් එක ඔය තැනවත් තිබෙන්නේ. නැතිනම් තවත් යනවා.”
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙය පසුගියදා භාණ්ඩ 286 ක ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ තත්ත්වයක් වන බවය.
එය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval