
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලිස් සංගමය නියෝජනය කරමින් සමුළුවකට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සය දෙනෙකුගෙන් සිවුදෙනෙක් එරටදී අතුරුදන් වී ඇති අතර නැවත පැමිණ ඇත්තේ දෙන්නෙකු පමණි.
සමුළුව සඳහා නිවාඩු ගෙන 04 වැනිදා ඔවුන් නැවත රාජකාරියට වාර්තා කළ යුතුව තිබූ නමුත් මෙරටට පැමිණි දෙදෙනෙකු පමණක් වාර්තා කර අනෙක් හතර දෙනා සේවයටද පැමිණ නැත.
මේ නිසා සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කර ඇති අතර වැඩිදුර සොයා බැලීමේදී පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවත්
ඔවුන් මින් ඉහත පොලිස් මූලස්ථානයෙන් වසර 05ක නිවාඩු ඉල්ලීම් කරන්නට උත්සාහ දැරූ අය බවත් වාර්තා විය
එම ඉල්ලීම් පොලිස් මූලස්ථානය විසින් අනුමත කර නොමැති පසුබිමක මෙලෙස එතෙරදී අතුරුදන්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval