
ජනශක්ති රක්ෂණ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතන අංකයට අදාළ නව සිටි කාඩ්පතක් නිකුත් කරන ලෙසට මරණකරුගේ පාර්ශ්වයෙන් කළ ඉල්ලීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, මෙහි විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින්, මරණකරු භාවිත කළ දුරකතන අංකය පාවිච්චි කිරීම සඳහා ලබා දීමට තමන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ සඳහන් කළේය. සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කඳවු අවස්ථාවේ දී මෙම කරුණ ඉදිරිපත් විණි.මරණකරු භාවිත කළ ජංගම දුරකතනයේ සමාජ මාධ්‍ය ජාලාවලට අදාළ දත්ත සහ ජංගම දුරකතන යෙදවුම් දත්තයන් වෙනස් නොකර, සංස්කරණය ලෙසට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉල්ලා සිටියේය.ඒ අනුව, අදාළ දත්ත සංරක්ෂණය කර තබා ගන්නා ලෙසට අධිකරණයෙන් ඩයලොග් දුරකතන සමාගමට නියෝගයක් නිකුත් කළේය.මරණයට පත් දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ දුරකතන සිම් අංකයට නව සිම් කාඩ්පතක් මිලදී ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
පවුලේ ව්‍යාපාර කටයුතු හේතුවෙන් මරණකරු භාවිත කළ දුරකතන සිම් කාඩ්පත ඔහුගේ බිරිඳට භාවිත කිරීමට අවශ්‍යව ඇති බවත්, ඒ හේතුවෙන් එය ලබා ගැනීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙසත්, මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළ නියෝගය ලබන 15 වැනිදා ලබා දීමට මෙහිදී අධිකරණය තීරණය කරමින්, එදින තෙක් නඩුව කල් තැබීය.
නිමන්ති රණසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval