nathasha-not-catholic

බුදු දහමට නිගා වන අයුරින් ප්‍රකාශයක් සිදුකර අත්අඩංගුවට පත් නතාෂා එදිරිසූරිය නමැත්තිය කතෝලික පාසලක ආදි ශිෂ්‍යාවක් නොවන බවත්, එම ප්‍රකාශනය සිදුකළ මෝඩාභිමානය නමැති වැඩසටහනක් පවත්වනු ලැබුවේ කතෝලික පාසලක ශ්‍රවණාගාරයක් තුළ නොවන බවත් කතෝලික පෞද්ගලික පාසල් සාමාන්‍යාධිකාර, ගැමුණු ඩයස් පියතුමා ප්‍රකාශ කළේය.

අදාළ තැනැත්තිය කතෝලික පාසලක ආදි ශිෂ්‍යාවක් බවට හා අදාළ වැඩසටහන පවත්වනු ලැබුවේ, කතෝලික පාසලක ශ්‍රවණාගාරයක් තුළ බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබිණි.

නතාෂා එදිරිසූරිය නමැත්තිය, බුදු දහමට හා බුදුන් වහන්සේට අගෞරව සිදුකරන අයුරින් කරන ලද ප්‍රකාශනය තරයේ ප්‍රතික්‍ෂේප කරන අතරම එවැනි ප්‍රකාශන මෙරට ආගමික සංහිඳියාව බිඳී යාමට දැඩි ලෙස බලපාන බවත්, මෙම ප්‍රකාශන කතෝලික සභාව විසින් තරයේ හෙළා දකින බවත් එම මාධ්‍ය නිවේදනය දක්වා ඇත. අප විසින් ගොනුකර ගත් කරුණු අනුව ඉහත වැඩසටහන පවත්වා ඇත්තේ, කොළඹ 03, බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීය.

එය කතෝලික සභාවට අයත් කතෝලික පාසලක් නොවන බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන බවද කතෝලික පාසල් සාමාන්‍යාධිකාරි ගැමුණු ඩයස් පියතුමා පවසයි.