
අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළු වී එම ගිණුම්වලින් රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචාසහගත ලෙස ලබාගැනීමේ නිරතව සිටි බව කියන තිස් එක් හැවිරිදි පුද්ගලයෙක් කදාන ප්‍රදේශයේ කුලී නිවසක නවාතැන් ගෙන සිටියදී ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමරිශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (4) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු නවාතැන් ගෙන සිටි නිවසේ තිබී ඔහුට අයත් නවීන පන්නයේ ජංගම දුරකතන හතරක්, කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතන තුනක් සහ ජංගම දුරකතන සිම්කාඩ් පත් 73ක් සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීමේදී විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින පුද්ගලයන් සතු බැංකු ගිණුම්වලට අන්තර්ජාලය හරහා හොර රහසේ ඇතුළු වී තැන්පත් කර ඇති මුදල් රුපියල් ලක්ෂ ගණනින් ලබාගෙන වංචා කර ඇති බවට අනාවරණය විණි යැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය. අත්අඩංගුවට ගත් මෙම පොලිස් සැකකරු සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval