
තමන් වැදූ පුතු තවකෙකු ලවා මරා දමන්නට මවක පෙළැඹීම ශෝචනීය තත්වයකි.
අක්මීමණ, කපුහෙම්පල ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඝාතනය මෙහෙයවූ බව කියන මියගිය අයගේ මව හා එම ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
අක්මීමණ, කාතුහේනවත්ත, කපුහෙම්පල පදිංචිව සිටි දිලිප් නානායක්කාර (36) නමැත්තෙකු මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මොහු නිවසේ නිදා සිටින අවස්ථාවේදී ඔහුගේ මවගේ අනුදැනුම මත පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇති අතර මෙකී ඝාතනය විරසකව සිටි මව හා පුතු අතර පැරණි අමනාපයක් මත සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.
පොලිසිය සිදු කළ විමර්ශනය අනුව ඝාතනය මවගේ උපදෙස් මත පුද්ගලයෙකු සිදුකර ඇති බව අනාවරණයවී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු හා ඒ සඳහා අනුබල දුන් බව කියන මව එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. නෙත්තිකුමාර මහතා ඊයේ (15දා) නියෝග කළේය.
අක්මීමණ, අංකකොක්කාවල, කපුහෙම්පල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි තැනැත්තියක හා අක්මීමණ, හල්පතාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval