
මැදිරිගිරිය පොලිස් බල ප්‍රදේශයේ මිරිෂේන ධීවර ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් 36 හැවිරිදි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව ඊයේ සවස සිය මවගේ නිවසට පැමිණ සිටියදී නිවසේ වැසිකිළිය පිටුපස සැඟවී සිටි පුද්ගලයෙකු ඇයට වෙඩි තබා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
සිද්ධියෙන් පසු වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර නමුත් මියගියාය.
පෞද්ගලික ආරවුලක් සහ අනියම් ඇසුරක් මෙම වෙඩි තැබීමට හේතුව වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
කාන්තාවට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
මැදිරිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.