
ගල්කිස්ස, ගාලු පාරේ ස්පා මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙයි.
වැටලීම සිදුකළ ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ, මහජනතාවගෙන් ලද තොරතුරක් මත එය සිදුකළ බවයි.
අත්අඩංගුවට පත් අය කළුතර, ඉදල්ගස්හින්න, පන්නිපිටිය, වාද්දුව, වත්තල සහ හල්මිල්ලාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත් 29 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් බව හඳුනාගෙන ඇත.
ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
Comments
Post a Comment
Your comment will be visible after approval