
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ගිය ගාල්ල කිතුලම්පිටිය, සහතික කළ රැඳවුම් නිවාසයේ දැරියන් තිදෙනෙකු පලාගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
මෙම දැරියන් තිදෙනා අධිකරණ නියෝග මත රැඳවුම් නිවාසයේ රඳවා සිටින අතර ඉකුත් 06 වැනි දින අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ළමා නිවාසයෙන් පිටව ගොස් ඇත.
විභාග මධ්‍යස්ථානයේදි මෙම දැරියන් තිදෙනා පලාගොස් ඇති බවට ළමා නිවාසයේ පාලිකාව විසින් ඉකුත් 07 වැනිදා ගාල්ල පොලිසියට පැමිණිලි කොට ඇත.
ගාල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව පරික්ෂණ පවත්වයි.
එච්.එම්. සමන් - අක්මීමණ
Comments
Post a Comment
Your comment will be visible after approval