
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ඉදිරිපත් කල යෝජනාවකට අනුව ගෘහස්ථ ගෑස් මිල සදහා මිල සූත්‍රයක් හදුන්වා දුන් ලිට්‍රෝ සමාගම ඒ අනුව ලෝක වෙලදපලේ සිදුවන මිල අඩු වැඩි වීම් අනුව ගෑස් මිල සංශෝධනය කිරීම සදහා ප්‍රතිපත්තියක් පසුගිය වසරේ සකස් කර සම්මත කරගනු ලැබුවා. ඒ අනුව සෑම මසකම පස් වෙනිදා මෙම මිල සංශෝධනය කිරීම සිදු වෙනවා.
ලෝක වෙළදපලේ මිල අඩු වන විට පාරිභෝගිකයාට එම පහසුව ලබා දීම, මෙම මිල සූත්‍රය හදුන්වා දුන් ලිට්‍රෝ සමාගමේ එකම අරමුණ බවට පත් වී තිබෙනවා. රුපියල ශක්තිමත් වන අවස්ථා වලදීත්, ලෝක වෙලදපලේ මිල ගණන් අඩු වෙන අවස්ථාවලදීත් එම වාසිය පාරිභෝගිකයන්ට ලබා දුන් ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය මාස තුන තුලදී ඉතා විශාල වශයෙන් ගෑස් මිල අඩු කිරීමට සමත් වුනා. 2023 වසරේ අප්‍රේල් මාසයේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1005 කින්ද, 2023 වසරේ මැයි මාසයේදී එම ගෑස් සිලින්ඩරයේම මිල රු. 100 කින්ද, 2023 වසරේ ජුනි මාසයේ පස් වෙනිදා කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල නැවතත් රුපියල් 452 කින් අඩු කිරීමටත් ලිට්‍රෝ සමාගම කටයුතු කලා.
ලිට්‍රෝ ගෑස් සමාගම සමග සමගාමීව කටයුතු කරන අනෙකුත් ගෑස් සමාගම් මේ තරම් සහනයක් ජනතාවට ලබා නොදුන්නත්, ලිට්‍රෝ සමාගම ලබා දෙන සහන මිල හමුවේ ප්‍රශ්ණ කිරීම් වලට ලක් වෙන නිසා එම සහනය යම් තරමක් දුරට හෝ ජනතාවට ලබා දීමට කිහිපවරක් කටයුතු කලා.
රුපියල ශක්තිමත් වන අවස්ථාවලදි එහි සහනය පාරිභෝගිකයන්ට ලබා දුන් ලිට්‍රෝ සමාගම සමහරක් අවස්ථාවන් වලදී මිල වැඩි විය යුතු අවස්ථාවලදීත් උද්ධමනයෙන් පීඩා විදින ජනතාව තවත් පීඩාවට පත් නොකර මිල ඒකාකාරී අගයක පවත්වාගෙන යන්නට සමත් වුනා.
ඉතින් අවශ්‍යම මොහොතේ ලිට්‍රෝ සමාගමේ නායකත්වයට පත් වූ මුදිත පීරිස් මහතා ඇතුළු කාර්‍යමණ්ඩලයේ දූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා වර්තමානය වන විට අපිට කිසිදු අපහසුවකින් තොරව ලගම අලෙවි මධ්‍යස්ථානයෙන් පහසු මිලට ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමේ හැකියාව අපිට ලැබී තිබෙනවා. නුදුරු අනාගතයේදීත් පහසු සහ සහනදායී මිලට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට හිගයකින් තොරව ගෑස් සපයන්න්ට ලිට්‍රෝ ගෑස් සමාගම සූදානම්.
Comments
Post a Comment
Your comment will be visible after approval