kuwaite-katunayake

ශ්‍රී ලංකාවේ ආයුධ වෙළඳාම් කරන සාප්පුවක බිල්පතක් පෙන්වමින් තමා ආයුධ මිලට ගත්තේ මහනුවර සාප්පුවකින් බව කියමින් විස්තරයක් කරන කුවේට් ජාතිකයෙකු පසුගිය 31 වනදා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්ව තිබේ.



පාදයේ සිදුවූ ආබායකට ප්‍රතිකාර ගැනීමට මෙරටට පැමිණි බව කියන ඔහු මාස තුනක් තිස්සේ ලංකාවේ ප්‍රතිකාර ලබා ඇති අතර
 පෙරේදා (31) මෙරටින් පිටත්ව යන අවස්ථාවේදී ගිනි අවියක් සමඟ කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය විසින් අල්ලාගෙන ගුවන්තොටුපොළ පොලිසියට භාරදී තිබුණි.



 එස්. එම්.ජේ. මොලානි නැමැති 75 වියැති මෙම කුවෙට් ජාතිකයාගේ ගමන් මලු පිරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී වායු රයිෆලයක් වන මෙම ගිනි අවිය සමඟ ඊයම් උණ්ඩ 500ක් ද තිබී ඇත.
මම කුවෙට් ජාතිකයා විශ්‍රාමික ගුරුවරයකු බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. පාදයේ පැවති ආබාධයක් හේතුවෙන් කුවේටයේදී ඔහු ශල්‍යකර්මයකට ලක් කර ඇතත් එය අසාර්ථක වී ඇත.

ඒ අනුව එම ආබාධයට ප්‍රතිකාර ගැනීමට මෙරටට පැමිණ ඇත්තේ පේරාදෙණිය රෝහලේ සේවයේ නිරතව සිටින විශේෂඥ
වෛද්‍යවරයකු වෙතිනි. අනතුරුව ඔහු පුද්ගලික රෝහලකදී නැවත ශල්‍යකර්මයකටද ලක්ව ඇතිබවත් කියැවිණි.
කුවෙට් ජාතිකයා පවසා ඇත්තේ මෙම ගිනි අවිය තමා මිලදී ගනු ලැබුවේ මහනුවරින් බවය. අවිය මිලදී ගැනීමට අදාළ බිල්පත් පවා ඔහු සතුව තිබී හමුවී ඇත.