imf-pakistan

දේශපාලන ආරවුල් විසඳීමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන ලෙස ජාත්‍ය- න්තර මුල්‍ය අරමුදල (IMF) පාකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. අයිඑම්එෆ් මේ ඉල්ලීම කර ඇත්තේ තවමත් ප්‍රමාද වී ඇති ඩොලර් බිලියන 6.5ක ණය මුදල සම්බන්ධ නවතම තත්ත්වය

පිළිබඳ එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවාගෙන් පසුගියදා පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් කරුණු විමසූ අවස්ථාවේදීය.


එරට එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය සඳහන් කළේ ශෙබාස් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවේදී ණය මුදල ප්‍රමාද වීමට හේතු රැසක් අයිඑම්එෆ් ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ. එම සාකච්ඡාවෙන් දින දෙකකට පසු අයිඑම්එෆ් හි පාකිස්තාන නියෝජිත නේදන් පෝටර් සඳහන් කර ඇත්තේ තම සංවිධානය පාකිස්තානයේ අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූව ද, රටේ සාමය ස්ථාපිත කිරීමට නම් පාකිස්තාන රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කළ යුතු බවට ඉල්ලීමක් කර තිබේ.

අයිඑම්එෆ් එම ඉල්ලීම කර ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙග්රීකි ඉන්සාෆ් පාක්ෂි- කයන් එරෙහිව මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, පුද්ගලයන් පැහැරගැනීම්, ප්‍රධාන ප්‍රාන්ත දෙකක මැතිවරණ පැවැත්වීමට දින 90ක ව්‍යවස්ථාපිත සිමාව උල්ලංගනය කිරීම් සහ හමුදා පනත යටතේ සිවිල් වැසියන්ට එරෙහිව හමුදා අධිකරණයේ නඩු විභාග කිරීම් අතරතුරදීය.