
ශ්‍රී ලංකාව තුළ දැනට ඖෂධ වර්ග 111 ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර හිඟය පියවීමට පියවර ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මීට මාස තුනකට පෙර රට තුළ භාණ්ඩ දෙසීයක පමණ හිඟයක් තිබුණා. දැන් ඒක 111ට බැහැලා.
ඉදිරි සති දෙක තුළ එය 70 දක්වා පහත වැටෙනු ඇතැයි කියන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රහ්නය ඉක්මනින් විසඳේ යයි විශ්වාසය පළ කරයි.
ස්කෑනර් යන්ත්‍ර මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් තිබේද? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රඹුක්වැල්ල කියා සිටියේ පසුගිය වසරට සාපේක්ෂව ආර්ථික තත්ත්වය ශක්තිමත් වී ඇති බවයි.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ එම මුදල් නිදහස් කර ගැනීමේ ගැටළු කිහිපයක් පවතින බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval