
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු ඔහු වාසය කරමින් සිටි ශිෂ්‍ය නේවාසිකාගාරයේදී එල්ලී දිවිනසාගත් පුවතක් අද (16) වාර්තාවී තිබේ.
මහරගම, කටුවාවල ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම නේවාසික ගොඩනැගිල්ලේ බිම් මහළෙහි පාළු ස්ථානයක පිහිටිකොන්ක්රීට් බාල්කයක එල්ලී ඔහු මියගොස් සිටියදී අද උදෑසන හමුවී තිබේ.
විග්නේෂ්වරන් අභිනෙජන් නැමැති 23 හැවිරිදි වියේ පසු වූ මෙම සිසුවා යාපනය, නාරාතනායි ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිසිය කියයි.
සිසුවාගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් සැක පළ කර තිබේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.