
ලේඛකයෙකු, ගී පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වූ ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.
ඔහු ජාතික රූපවාහිනියේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස මෙන්ම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළ අතර සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කළේය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ටික දිනක් රෝගාතුරව සිටි ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් දිනකට පසු අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ වේළුවන හා ඩීඑස් සේනානායක විද්‍යාලවල ඉගෙන ගත් ඔහු කැලණි සරසවියේ අධ්‍යාපනයද ලැබුවේය.
නැසීගිය විශිෂ්ට ගේය පද රචක ඩෝල්ටන් අල්විස්ගේ සය දෙනෙකුගෙන් යුතු පවුලේ බාල පුතු වූ ගයා රම්‍ය අල්විස්ද ගීත රචනා හැකියාවෙන් යුතුවූ අයෙකි.
පරිස්සමින් ගිහිං එන්න (භාතිය සංතුෂ්), සයිවර් කඩයක ඉඳගෙන (සුනිල් එදිරිසිංහ)
උසස් වේද මිනිසා (අමරසිරි පීරිස්), සංසාර නිම්රැල්ල (අමරසිරි පීරිස්), ආයෙ ආදරෙන් (සමිතා මුදුන්කොටුව), සියපත් පතේ (නිමල් පද්ම කුමාර), මැයි පළවෙනිදා දවසට (සුජීව ජාගොඩ), උඩරට ශුද්ධ භූමියෙ (සමන් ලෙනින්) ඇතුළු ගීත රාශියක් රචනා කර තිබේ.
ඔහු ටෙලිනාට්‍ය තේමා ගී රචනා කිරීමෙන් සම්මාන කිහිපයක්ම දිනා ඇති අයෙකි.
වර්ණ, රන්සිරිමල්, කොළඹ අහස වැනි ජන ප්‍රසාදයට පත් ටෙලිනාට්‍ය රැසක්ද ඔහු නිර්මාණය කළේය.
ගයා රම්‍ය විවාහකයෙකු වූ අතර එක්දරු පියෙකි.

Comments
Post a Comment
Your comment will be visible after approval