
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සායනයක් අතරතුර පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් පිළිස්සීමට ලක්වූ රෝගීන් 4 දෙනෙකු ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර තිබෙයි.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මහනුවර ජාතික රෝහලට මාරුකරු යැවූ බව පොලිසිය පවසයි.
රෝහලේ දෙවන මහලේ පැවති වෛද්‍ය සායනයක් අතරතුරදී පුද්ගලයෙකු විසින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි සිටි තවත් පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙයි.
එම අවස්ථාවේ දී ඒ අසල සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකුට ඇසිඩ් වැදී ඇති බව පොලිසිය සදහන් කළේය.
පසුව ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම බිරිද සමඟ සම්බන්ධතාවක් පැවැත්වීම නිසා අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval