Former-President-Gotabhaya-Rajapaksa-Provided-With-Government-Bungalow-At-Stanmore-Crescent

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මලලසේකර මාවතේ පිහිටි වාසය කරමින් සිටි නිවස අතහැර
ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් හි පිහිටි රජයේ නිල බංගලාවක නවාතැන් ගෙන ඇතැයි වාර්තාවේ.

නව බංගලාව මීට පෙර ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි තැනක් හා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවාසවලට යාබදව කීර්තිමත් ස්ථානයක් පිහිටියකි.



බංගලාව වෙන් කිරීම සඳහා රජයේ ප්‍රධානීන් හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ කැමැත්ත ලබා ගැනීම අවශ්‍ය වූ අතර එය මුලින් විදේශ කටයුතු අමාත්‍යවරයාට පවරා තිබුණි. ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම නිවස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා නිදහස් කර ඇත.

නව බංගලාව වෙත යාමට තීරණය කිරීමට  බලපා ඇත්තේ කාර්යබහුල බෞද්ධාලෝක මාවතේ පිහිටි මලලසේකර මාවතේ පිහිටි පෙර නිවසේ තිබූ ශබ්ද මට්ටමයි. ඒ් අවට නිතර ඝෝෂාවක් පවතින බව ගෝඨාභය මහතා  කනස්සල්ලට කරුණක් ලෙස සඳහන් කර තිබී ඇත. හිටපු ජනාධිපතිවරයා ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් හි වඩාත් සන්සුන් වටපිටාව තෝරා ගත්තේ ඒ් අනුවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරය දරද්දී වාසය කළේ මිරිහානේ පිහිටි සිය නිවසේය.නමුත් ඔහුට එරෙහි අරගලය ක්‍රියාත්මක වන සමයේ අවසන් මාස කිහිපයේ ආරක්සාව පිණිස ඔහු කොටුව ජනපති මන්දිරයට ගෙවල් මාරු කර තිබුණි. අනතුරුව රටින් පළායාමෙන් පසු නැවත පැමිණි ඔහු මලලසේකර මාවතේ නිවසට ගියේය. දැන් තුන්වන වතාවට ගෙවල් මාරු කරමින් ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් වෙත ගොස් තිබේ.

මෙම ස්ථාන මාරු සිදුකරත් වෙනසක් නැතිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනපති ධූර කාලය තුළ ලබා දුන් පුළුල් ආරක්ෂක බලඇණියම රඳවා සිටින බව වාර්තාවේ. මෙම ආරක්ෂක කණ්ඩායම සියයකට අධික පිරිසකින් සමන්විතයි.