3-year-old-dies

මුලතිව්,කේපාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී කඩාවැටීමෙන් එයට යටවූ වයස අවුරුදු 3ක දරුවෙකු ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙයි.

කේප්පාපිලව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3ක් වු ආදවන් ලිදුසිකන් නමැති පිරිමි දරුවෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර
මිය ගිය දරුවා ගේට්ටුවේ එල්ලි සෙල්ලම් කරමින් සිට ඇති බවත් එම අවස්ථාවේදී අවසනාවන්ත ලෙස ගේට්ටුවේ ඇණ ගැළවි දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවත් මූලික පොලිස් පරික්ෂණ වලදී හෙළි වී තිබේ.



ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් තුවාල ලබා බරපතල තත්වයේ සිටි දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙයි.

දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතයි.