tina-turner-dies-age83

1980 දශකයේ ජනප්‍රිය භාවයට පත් වූ පුරෝගාමී රොක් ඇන්ඩ් රෝල් තාරකාවක වන ටීනා ටර්නර් දිගු කලක් රෝගාතුරව සිට 83 හැවිරිදි වියේදී මියගියාය.
බදාදා රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇගේ මාධ්‍ය ප්‍රකාශිකා බර්නාඩ් ඩොහර්ටි මෙසේ පැවසුවාය: “ටීනා ටර්නර්, 'රොක් ඇන් රෝල් රැජින' අද වයස අවුරුදු 83 දී ස්විට්සර්ලන්තයේ සූරිච් අසල කුස්නාච්ට් හි පිහිටි ඇගේ නිවසේ දී දිගු අසනීපයකින් පසු සාමකාමීව මිය ගියාය. ඇය සමඟ ලෝකයට සංගීත අයිකනයක් සහ ආදර්ශයක් අහිමි වේ.
ඇයට 2016 දී බඩවැලේ පිළිකාවක් වැළඳී ඇති අතර 2017 දී වකුගඩුවක් බද්ධ කිරීමට ලක්වූ අතර මෑත වසරවලදී ඇය තවදුරටත් අසනීප තත්වයන්ට ගොදුරුව ඇත.
ඇයගේ ජීවිතයේ පරිවර්තනයක් සිදුවන්නේ බුදුදහම වැළඳගැනීමත් සමගිනි.
1997 දී ලැරී කිංග් ගේ සීඑන්එන් වැඩසටහනකදී බෞද්ධ ගීතයක් ගායනා කරමින් ඇය සිය වෙනස ලෝකයට නිරාවරණය කළාය. බෞද්ධ ගාථා වන්දනාවන් නිතරම කිරීමට ඇය පසුව උනන්දුවූ අතර  83 හැවිරිදි වියේ ස්විට්සර්ලන්තයේ සූරිච් අසල Küsnacht හි පිහිටි ඇගේ නිවසේදී මිය යන තුරුම එම පුරුද්ද දිගටම කරගෙන ගියාය. ඇයගේ නිවසේ තමන්ගේම බෞද්ධ කුටියක් නිර්මාණය කරගෙන සිටියාය.

ටර්නර් 1939 නොවැම්බර් 26 වන දින ඇනා මේ බුලොක් ලෙස උපත ලැබූ අතර ඇමරිකාවේ ටෙනසිහි නට්බුෂ් හි හැදී වැඩුණාය.


 එහිදී ඇය කුඩා කාලයේදී  පල්ලියේ ගායිකාවක ලෙස ගායනා කළ අතර, නව යොවුන් වියේ පසුවන විට ඇය ශාන්ත ලුයිස් හි අයිකේගේ සංගීත කණ්ඩායමට ඇතුළවී ගායනා කළාය. ඇගේ දක්ෂතා පැහැදිලි වූ පසු, අයිකේ ඇයට ටීනා ටර්නර් යන නම තබා තිබේ. Ike Turner ටීනාගේ පළමු ස්වාමි පුරුෂයාය.
ඇය 1960 ජුලි මාසයේදී Ike සහ Tina Turner ගීතය වන A Fool in Love සමඟින් සිය පළමු පටිගත කිරීම සිදු කළ අතර එය US Top 30 වාර්තා බිඳ දමා සාර්ථකත්වයක් ආරම්භ කළේය.
 1976 දී ටර්නර් Ike හැර ගිය අතර කණ්ඩායම සමඟ ඇයගේ අවසන් ගීතය වූයේ Baby, Get It On ය.
1980 ගණන්වල ඇගේ ජීවිතයට ධනාත්මක ලෙස බලපෑවේ බුදුදහමයි.
එම හික්මීම සමග විශේෂයෙන් ගායනා කිරීමේ පුරුද්ද ටර්නර් විසින් අගය කරන ලදී. සංගීතයෙන් බැහැරව, ඇය 1985 දී මෙල් ගිබ්සන් සමඟින් Mad Max Beyond Thunderdome චිත්‍රපටයේ රඟපෑවාය. ඇය 1986 දී ඇගේ පළමු මතක සටහන, ගෝලීය වැඩියෙන්ම අලෙවි වන I, Tina, ප්‍රකාශයට පත් කළ අතර, පසුව 1995 දී ඇය ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන ගෝල්ඩන් අයි සඳහා තේමා නාදය ගායනා කළාය.
ඇගේ පළමු විවාහය අසාර්ථක හා පීඩාකාරී එකක් විය. සැමියා සියදිවිනසාගැනීමක් නිසාද ටර්නර් ගැන කථාබහක් මතුවිය.
ටර්නර් ඇගේ දෙවන සැමියා වන ජර්මානු සංගීත විධායක අර්වින් බැච් සමග 2013 ජූලි මාසයේදී විවාහ වූ අතර ස්විට්සර්ලන්තයේ ජීවත් විය. 2013 දී, ටර්නර් ස්විට්සර්ලන්ත පුරවැසියෙකු වීමට ඇගේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරියාය.
ඇගේ මුල් විවාහයෙන් ලද පළමු දරුවා වන ක්‍රේග් රේමන්ඩ් ටර්නර් 2018 ජූලි මාසයේදී මිය ගියේය. ඇය හදාවඩා ගත් Ike Turner ගේ පුතුන් දෙදෙනෙකු වන Ike Turner Jr සහ Michael Turner යන දෙදෙනා ඇයට ඉතිරිව ඇත.
2020 දී, ටර්නර් ගාඩියන් පුවත්පතට පැවසුවේ බරපතල සෞඛ්‍ය ගැටලු තිබියදීත්, ඇගේ ජීවිතයේ අවසාන වසර 10 තුළ සතුට පිළිබඳ ඇගේ පරමාදර්ශී දැක්ම මූර්තිමත් කර ඇති බවයි. ඇය බුදු දහමික් ලද සංයමය අගය කරමින් බොහෝ අදහස් පළ කර ඇත.
ඇය මෙසේ කියා තිබේ.
“සැබෑ සහ සදාකාලික සතුට ලැබෙන්නේ කුමක් වුවත්, බැබළීමට හැකි නොසැලෙන, බලාපොරොත්තු සහගත ආත්මයක් තිබීමෙන්,” ඇය පැවසුවාය . "ඒක තමයි මම අත්කරගෙන තියෙන්නේ, අනිත් අයටත් ඇත්තටම සතුටින් ඉන්න උදව් කිරීම මගේ ලොකුම පැතුමයි."