ali-sbri-raheem-parliament

මිලියන 74 කට වඩා වටිනා රත්තරන්  සහ ස්මාර්ට් ෆෝන් තොගයක් ගුවන්තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් රැගෙන එන්නට යාමේදී අත්අඩංගුවට පත් වී   ලක්ෂ 75ක දඩයක් ගෙවා නිදහස් වී පැමිණි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්
ඊයේ පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය අමතා කියා සිටියේ තමන් නොකළ වරදකට හසුවූ බවයි.



“මම ඊයේ එයාපොර්ට් එකෙන් එනකොට රත්තරන් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුනා. ෆෝන් වගයක් අල්ලා
ගත්තා. ඇත්තටම කියනවා නම් ඒ ෆෝන් සහ රත්තරන් මම ගෙනාපුවා නෙමෙයි. අවුරුදු හත අටක් දන්න
දන්න මගේ ඡන්ද දායකයෙක් තමා දුන්නෙ. මම ඒ කෙනාව විශ්වාස කළා.
බඩු නිදහස් කරගන්නකොට මාත් එක්ක ආවා අවුරුදු හත අටක් මම දන්න කෙනෙක්.  මාත් එක්ක ආපු
කෙනා. එයාගේ බෑග් එක මාගේ බෝඩින් එකට ගැහුවා. එයාගෙ බෑග් එකයි මගේ බෑග් එකයි මගේ
බෝඩින් එකට වැටුනා.
ඒකට පස්සේ එයා අහුවුනා. එයා අහුවුනාම ඒ බෝඩින් එක මගේ නමට ඩුබායිවලින් දාලා තිබුණේ.  ඒක
මගේ බඩු ලෙස තමයි පැමිණියේ. ඒ නිසා ඔවුන් මාව අල්ලා ගත්තා.

මම වගකියන්න ඕන තමයි. හැබැයි මම ඒවා ගත්තෙ නෑ.”

ඉතින් ඔබට වුණ අසාධාරණය ගැන කාටවත් නොකීවේ ඇයි?

“ජනාධිපති ලේකම් තුමාට මම කතා කරලා කිව්වා. අග්‍රාමාත්‍යතුමාට කිව්වා. දෙන්නම බලන්නම් කිව්වා. ඒ උනාට මට උදව් කළේ නෑ...ආණ්ඩුවේ මන්ත්‍රීවරු විදිහට හිටපු නිසා මගේ ගෙවල් පිච්චුවා. අපි සියලු දේ දරාගෙන හිටියා. මේ වගේ වෙලාවකට මට ආණ්ඩුව උදව් කළේ නෑ. ඒ නිසා ජනකගෙ ඡන්දෙදි මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.”