
තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේදී මල්වෙඩිල්ලක් දැල්වීමට යාමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම පුද්ගලයාගේ නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයක මල්වෙඩි පත්තු කිරීමේ රාජකාරිය ඔහුට පැවරී ඇතිඅතර මල්වෙඩි දල්වමින් සිටින අතරතුර
එක් මල්වෙඩිල්ලක් දැල්වූවත් එය පත්තු නොවී ප්‍රමාදවීම හේතුවෙන් එය පරීක්ෂා කර යළි දැල්වීමට උත්සාහ කිරීමේදී මල්වෙඩිල්ල එක්වරම පත්තු වී ඔහුගේ හිසේ වැදීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
බරපතළ තුවාල සිදුවූ 31 හැවිරිදි පුද්ගලයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval