
අම්බලන්ගොඩ, රන්දොඹේ පුදේශයේදී ඊයේ උදේ (26) සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය.
නියෝජ්‍ය විදුහල්පතිවරයා බලපිටිය, මිගෙට්ටුවත්ත ප්‍රදේශයේ පදිංචි දනුක ද සිල්වාය. ඔහු ධර්මාශෝක විදුහලට ඊයේ උදේ යතුරු පැදියකින් එමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදු වී තිබුණි.
වෙනත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනකු ඔහුට වෙඩි තබා ඇති අතර ඔහු වෙඩි පහර කාගෙනම යතුරු පැදියෙන් අම්බලන්ගොඩ පොලීසියට පැමිණ නතරකරද්දී ලේ ගලමින් ඇද වැටුණේය. පොලිස් නිලධාරීන් ඔහුව වත්තං කරගෙන ගොස් බලපිටිය රෝහලට ඇතුළත් කළ අතර මේ වනවිට රෝහලේ සැත්කමකටද ලක්ව ප්‍රතිකාර ලබමින් පසුවේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් මෙම වෙඩි පහර කෑ පුද්ගලයා කොස්ගොඩ සුජි නමැති පාතාල නායකයාගේ බෑනා බවට තොරතුරු අනාවරණයවී ඇත.
කිසියම් පාතාල පලිගැනීමක් මේ ඝාතන තැත පසුපස තිබෙනු ඇතැයි පොලිසිය අනුමාන කර තිබේ.
නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබූ සැකකරුවන් ආ යතුරු පැදිය බෙන්තොට, කෝම්මල පාරේ පාළු ප්‍රදේශයක දමා ගොස් තිබියදී සොයාගත් පොලිසිය කියයි. මෙම යතුරු පැදිය ද මහ මග නතර කර තිබියදී සොරාගත් එකක් බවට තොරතුරු හෙලිව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval