nittambuwa-incident


පොලිසියේ බව පවසා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රදාවඩුන්න, ඉඹුල්ගවිට චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කළ ව්‍යාජ උත්සාහයකදී ගම්වාසීන් විසින් අල්ලා පහරදී පෙරේදා (25) දහවල් පොලිසියට භාර දුන් සිදුවීමක් නිට්ටඹුවෙන් වාර්තාවේ.


පොලිසියෙන් යයි කි කෙනෙකු කලකට ඉහත පොලිසියේ සේවය කර ඇති අයෙකි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙලිජ්ජවිල හිටපු පොලිස් කොස්තාපල්වරයකු සහ  ගම්පහ මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසියේ බව පැවසූ මෙම පුද්ගලයින් දෙදෙනා පෙරේදා දහවල් විහාරස්ථානයට ගොස් විහාරාධිපති ලෙනව මංගල හිමියන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට ඔවුන් පිළිබඳව සැක සිතී ප්‍රශ්න කර ඇත. ප්‍රශ්න කිරීමේදී නිරුත්තර වූ සැකකරුවන් දෙදෙනා පැනයාමට සූදානම් වු අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගම්වාසින් හා එක්ව සැකකරුවන් දෙදෙනා අල්ලා නිට්ටඹුව තෙලිජ්ජ වල පොලිස් ස්ථානයට බාරදීමට පියවර ගෙන ඇත.
සැකකරුවන් පොලිසියේ බව පවසා විහාරාධිපති
හිමියන් මුලාකොට කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා උත්සාහ ගන්නට ඇති බව පොලිසිය සැක කරයි. එමෙන්ම අත් අඩංගුවට ගනු ලැබූ එක් සැකකරුවකු 2012 වසරේදී අකුරැස්ස පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී සේවය හැර යාමට ලක් වූ පුද්ගලයකු බවද මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය කරගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අධිකරණයට පැමිණවීමට නියමිතය. දෙදෙනා නිට්ටඹුව පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.