
ප්‍රවීණ මාධ්‍යවේදිනියක හා මනෝ උපදේශිකාවක වූ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ජීවිතයෙන් සමුගෙන තිබේ. මියයන විට ඇගේ වයස 61 කි. ජීවිතයේ අවසන් කාලයේ පිළිකා රෝගයට ගොදුරුව සිටියාය.
රත්නා පුෂ්පකුමාරි දෙදරු මවකි.
ඇය මීට මාස 3 කට පමණ පෙර මෙසේ කියා තිබුණි.
'මට සිතින් සිතාගත නොහැකි මාරාන්තික රෝගයකට ගොදුරුවූ බව මං දැනගත්තේ මීට මාසයකට පෙරයි. මගේ අක්මාවේ ඇතිවූ පිළිකා තත්වය ගැන දැනගත් පසු මා කල්පණා කරේ මගේ මාස කිහිපයක ජීවිත අවදානම ගැනයි. මට ජීවිතය ගැන වසර කිහිපයක සැලසුම් හදාගන්න අමාරු වුණා.නමුත් අවදානම් සහගත මානසික තත්වයක සිට මා ජිවිතයට මුහුණ දෙනවා..මං නව සැලසුමකට අනුව ජීවිතයේ ඉතිරි මාස කිහිපය ගෙවා දමනවා"
නාට්‍ය ක්ෂෙත්‍රයෙහි කටයුතු කර නිවේදන ක්ෂෙත්‍රයට පැමිණි රත්නා පුෂ්පකුමාරි ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කලක් අතිශය ප්‍රකටව සිටියාය. අනතුරුව ඇය මනෝවිද්‍යා උපදේශිකාවක ලෙස පූර්ණ කාලීනව කටයුතු කළාය. ඇය දිවයින පුරා මනෝවිද්‍යා උපදේශනය සම්බන්ධ දේශන පැවැත්වීමට හා වැඩමුළු පැවැත්වීමට කටයුතු කර ඇත. ඇය ග්‍රන්ථකරණයේ හා පුවත්පත් ලිපි පළ කිරීමේද නියැළී සිටියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval